විඩා නිවනා නෙතු යුග
පුළුල් රන්වන් නළලත
දහස් පවසන දෙකොපුල
බලන්න එපා ඈ දිහා
හෙමින් නික්මෙන ඇගෙ ගත
වළා මවනා ඈ පය
සදා සියුමැලි ඈ සිත
කියන්න එපා ඈ ගැන
ලොවක් මැව්වා ඈ මට
සිනහා පෙව්වා සැමවිට
ආදරින් ඈ බලා ගන්නම්
කියන්නෙපා සස්වාමික ඈ ගැන
අතීතය ඉකි බිඳින නාදය
ඇසූ සවනත ඔබ තමයි
සිහින බොඳවී ගියත් හදවත
ළඟින් සිටී ඒ ඔබ තමයි
හඬපු එකඳුල නිරුත්තර කළ
දයාබර සිත ඔබ සතුයි
පියාපත් සිඹ දූලි වෙන්කළ
ළයන්විත සිත ඔබ සතුයි
පන්හිඳට පෙම්පාට මුසුකළ
බොළඳ සිතුවිලි ඔබ සතුයි
පියාපත් සිඹ නිරන්තරයෙන්
පවන් සැලුවේ ඔබ සිතයි
දඩබ්බර සිත නිවා දැම්මට
වෙහෙස වූයේ ඔබ ළයයි
සිනාසීමට වෙර ලබාදුන්
ඇගෙ සෙවනැලි ඔබෙමමයි