Sunday, April 28, 2013

සිහින

අතීතය ඉකි බිඳින නාදය
ඇසූ සවනත ඔබ තමයි
සිහින බොඳවී ගියත් හදවත
ළඟින් සිටී ඒ ඔබ තමයි
හඬපු එකඳුල නිරුත්තර කළ
දයාබර සිත ඔබ සතුයි
පියාපත් සිඹ දූලි වෙන්කළ
ළයන්විත සිත ඔබ සතුයි
පන්හිඳට පෙම්පාට මුසුකළ
බොළඳ සිතුවිලි ඔබ සතුයි
පියාපත් සිඹ නිරන්තරයෙන්
පවන් සැලුවේ ඔබ සිතයි
දඩබ්බර සිත නිවා දැම්මට
වෙහෙස වූයේ ඔබ ළයයි
සිනාසීමට වෙර ලබාදුන්
ඇ‍ගෙ සෙවනැලි ඔබෙමමයි

1 comment:

  1. සිංහල සයිබර් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා. හැඟීම්බර නිර්මාණයක්.කවිවලින් බ්ලොග් එක ලියනවනම් ආදරේ වගේම හැම ක්ෂේත්‍රයක් ගැනම ලියන්න කියලා ආරාධනාවක් කරනවා.සමාජයට හෝ මිනිස් සභ්‍යත්වයට හානි නොවන වටිනා දේවල් ලියන්නට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ පැතුම්.ජයවේවා

    ReplyDelete